වෘත්තීය මාර්ගයන්
සංචාරක කර්මාන්තය තුල, නිපුණතා සහ උනන්දුවක් ඇති පුද්ගලයින් සඳහා පුළුල් පරාසයක ඉඩ ප්රස්ථා ඇත. ඔබට ඉවුම් පිහුම් සඳහා ඇල්මක් තිබේද? උත්සවයන් සංවිධානය කිරීමට ආශාවක් සහ හැකියාවක් තිබේද? වනජීවී සංරක්ෂණය සඳහා ආශාවක් හෝ අන් අය සමඟ සිත්ගන්නාසුළු අත්දැකීම් බෙදා ගැනීමට ආශාවක් තිබේද? මෙවන් ඔබ සියලු දෙනාටම සංචාරක කර්මාන්තය තුල ඉඩක් ඇත.
සංචාරක ක්ෂේත්රයේ සමහර වෘත්තීන් සඳහා විධිමත් පුහුණුවක් සහ වෘත්තීය සුදුසුකම් අවශ්‍ය වුවද, බොහෝ වෘත්තීන් සඳහා අවශ්‍ය වන්නේ තම උත්සාහයෙන් ගොඩනගා ගත හැකි කුසලතාවන්ය. සංචාරක ක්ෂේත්රයේ පවතින විවිධ වෘත්තීන් ගැන හොඳ අවබෝධයක් තිබීම, ඔබේ කුසලතා හා රුචිකත්වයන් වලට ගැලපෙන වෘත්තීන් හදුනා ගැනීමට සහ ඔබගේ කුසලතා සමඟ වෘත්තීයේ අවශ්‍යතා සැසඳීමටද උපකාරී වනු ඇත.
සංචාරක ක්ෂේත්රයේ ඇති බොහෝ වෘත්තීය මාර්ගයන් මෙතැනදී ගවේෂණය කරන්න. ඔබ සංචාරක ක්ෂේත්රයට නවකයෙක් වුවත්, කලක් කර්මාන්තයේ නියැලී සිටියත්, අපගේ පරමාර්ථය වනුයේ ඔබගේ වෘත්තියේ මීළඟ පියවර ගැනීම සදහා ඔබට සහය වීමය.
Young Tourism Ambassadors
Introduction to Tourism
See highlights of the programme developed to introduce youth to the tourism industry.
Watch Video